රටේ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගන්නා උත්සාහයට අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් ඇමති මංගල සමරවීර මහතා බාධා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක් ලබා ගත්තේ යයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් වාර්තාව අසත්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා කල යුත්තේ ඊට නඩු පැවරීම බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතා එසේ ලබා ගෙන ඇත්තේ චීනයට...
කාන්තා හා ලමා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් 2018.07.02 දින යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී එල්ටීටීඊ සංවිධානය යලි ගෙනඒමයි අපේ අරමුණ ලෙසින් සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව 2018.07.03 දින පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව...
කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කරන ලද රාජ්‍ය ඇමතිනී විජයකල මහේෂ්වරන් සිය දරුවන්ද සමගින් එංගලන්තය බලා යාමට සූදානමින් සිටී. එන සතියේදී ඇය මෙසේ විදෙස් ගතවීමත් සමග දේශපාලන කටයුතුද අතහරිනු ඇති බවට වාර්තා පල වුවත් උතුරේ...
ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් බලයට ආ රනිල්- මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළුදිය පහ වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මැතිවරණවලට බිය නැත්නම් අලුත් ක්‍රමය හෝ පැරැණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව...
එක්සත් ජනතා නිදහස් සන්දාන පළාත් සභා මන්ත‍්‍රීවරුන් 135 දෙනෙකු අද දිනයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබා ගත්තේය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම පිරිසට සාමාජිකත්වය ලබා දීම සිදු විය. විසුරුවා හැර...
පසුගිය ඉනිම ජයගත් ආකාරයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊළග ඉනිමටද සුදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. වියත්මඟ වැඩපිලිවෙල මගින් ක්‍රියාත්මක වන්නේද මහින්ද චින්තනය යයි ඒ මහතා කීය. බත්තරමුල්ල නෙළුම් මාවත එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඒ මහතා...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට පත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රීලනිප නිලධාරී හමුවටද දයාසිරි ජයසේකර මහතා සහභාගී වූ අතර ඊයේ පැවති...
මේ වන විට ආර්ථිකය සම්බන්දයෙන් රට තුල විවිද මත ගොඩ නැගී ඇතත් ඉදිරි ජනාධිපතිවරණයට පෙර රටට දැනෙන දැවැන්ත සංවර්ධන වැඩපිළිවලක් ඇති කරන බව වුර්තිය සමිති සබදතා කම්කරු ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පවසයි. මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ...
නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කල නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට හැකිනම් ඒ අයුරින්ම ඕස්ට්‍රේලියා රජය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල කර ඇති අල්ලස් චෝදනාව...

RECENT POSTS