ඇමරිකානු ඩොලරයක අගය වැඩිවීමත් සමගින් ශ‍්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති විදේශ ණය ප‍්‍රමාණයද ඉහල ගොස් ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි

එනිසා ණය ගෙවීමකින් තොරව රටට අනාගතයක් ඇති කිරීමට නොහැකි බවද ඒ මහතා පවසයි.

රට ඉදිරියට ගෙන යාමට ඇති එකම මාර්ගය ණය ප‍්‍රශ්නය විසදා අපනයන ආර්ථිකය නැංවීම යයිද අගමැතිවරයා කියා සිටියේ බොරලැස්ගමුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

කෙසේ වෙතත් දින කිහිපයකට පෙර නියෝජ්‍ය ඇමති අචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටියේ ඩොලරයේ අගය වැඩි වීමෙන් ශ‍්‍රී ලංකාව ගෙවීමට ඇති විදේශ ණය ප‍්‍රමාණය වැඩි නොවන බවයි.

SHARE