තව දුරටත් ජාතික ආණ්ඩුව තුල කටයුතු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තුල ඡන්ද විමසීමක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඇමති අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතාද මේ බව සනාථ කරමින් ශ‍්‍රිලනිප මූලස්ථානයේදී කියා සිටියේ ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරීම ඒකමතිකව හෝ ඡන්ද විමසීමකින් විය හැකි බවයි.

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට මාධ්‍යම කාරක සභාවේ බහුතර පිරිසක් දැනටමත් ප‍්‍රකාශ කර ඇති බවත් පක්‍ෂයේ මතයට එකග නොවන අයට එජාප ආන්ඩුවට යා හැකි යයි එම මාධ්‍ය හමුවේදීම එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.

SHARE