රාජ්‍ය සේවකයෝ ආණ්ඩුවට එරෙහිව සිය ඡන්දය භාවිතා කරන බවත් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෙදර යවන්න රාජ්‍ය සේවකයින් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

වැඩි දුරටත් ඒ පිළිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කරන්නේ මෙවැන්නක්,

ඡන්දේ වෙලේ. යහපාලන ආණ්ඩුවේ ඌව පලාත් මහ ඇමැතිවරයා පළාතේ පාසල් විදුහල්පතිනියක් දණ ගස්වලා. පහුගිය පොරොන්දු පත්‍ර අපිට දැන් අමතකයි. දැන් තවත් පොරොන්දු පත්‍ර එළියට ඇවිත්. රාජ්‍ය සේවකයාට මහින්ද රජයෙන් 50000ට දුන්න මෝටර් සයිකලයේ 50000 ආපහු දෙනවා කිව්වා. ඒක ආපහු දුන්න එක රාජ්‍ය සේවකයෙක් හොයලා දෙන්න අපිට. රාජ්‍ය සේවකයින් කොාටසකට දුන්න මේ බයිසිකලය වෙනුවට සියලුම රාජ්‍ය සේවකයින්ට නොමිලේ බයිසිකලය දෙනවා කිව්වා. දැන්තමන්ගේ මුදලින් ගත්ත බයිසිකලයවත් සර්විස් කර ගන්න බැරිව රාජ්‍ය සේවකයා අනාතයි. අව්වට වැස්සට අහුනොවී යන්න කාර් ගන්න බලන් හිටියා. හමුබ වුනාද. අද පොඩි කාර් එකක් ගන්න බැහැ. නිෂාන් ලීෆ් වාහනයට 27 ලක්ෂයක් බදු ගහනවා. ෆී වයි ෆයි දෙනවා කිව්වා. තියෙනවාද. රුපියල් 100 රීලෝඞ් එකෙනුත් 47ක් කපනවා. ජනාධිපති ඇතුළූ ආණ්ඩුව සරලයි. අපිට කටවුට් ඔනේ නැහැ. බොරු වියදම් කිව්වා. දැන් තියෙන්නේ මුද්දර සයිස් පුංචි කටවුට් වෙන්න ඇති. පත්තරවලට වියදම්කරලා දැන්වීම් දාන්නේ මොකටද? මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරන්න ඕනේ කිව්වා. දැන් වැඩ නැතත් දැන්විම් ටික යනවා. අවුරුදු පහයි ඉන්නේ. අවුරුදු පහට රුකියා දෂ ලක්ෂයක් දෙනවා. කිව්වා. අවුරුදු තුනට ලක්ෂ 6ක් රැකියා දීලා තියෙන්න ඕනේ. කුරුණෑගල වාහන කොම්පානියට තිබුබ මුල්ගල වැහෙන්න වල් බිහි වෙලා. හොරණ ටයර් ෆැක්ටරියේ මුල් ගලට උඩින් පොඩි සිඤ්ඤෝ මරන් ගස් වැවිලා ඒකත් හොයා ගන්න නැහැ. මේ තමයි රැකියා දපු හැටි. පොලිස් නිලධාරින්ට උසස්වීම් නැහැ.ආණුඩවේ කෙනෙක් දැක්කම සෙලියුට් එක ගහන්නවත් පොලිස් මහත්තුරුන්ට හිතෙන්නේ නැහැ. ඒ සැලියුට් එකත් විපක්ෂයටයි දැන් වදින්නේ. අයවැයෙන් 2017 වසරේ උසස්පෙල සිසුන්ට ටැබ් පඑසුකම දෙනවා කිව්වා. දැන් 2018ත් ලබලා දරුවන්ට පෙනඩෝල් ටැබ්ලට් එකක්වත් නැහැ. කරුවලේ වලේ වැටුනු සෙනග දවාලේ වලේ වැටෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි බහුතරයක් මහින්ද රාජපක්ස වේදිකාවේ ඉදගෙන සිරිසේන ජනාධිපතිතුමාට බැනපු අය. ඒ අය විපක්ෂයේ ඉන්න ඕනේ වුනාට ඉන්නේ ජනාධිපතිගේ ඕඩොක්කුවේ. ඔඩොක්කුවල ඉන්න අය තමයි ඉක්මනටම බැහැලා යන්නේ. මහින්ද මහත්තයාගේ කාලේ වුනෙත් ඒකනේ. ජනතාව පැරදුවාට පස්සේ පාර්ලිමේන්තුවට ගෙනත් ඇමැති කම් දුන්නම ඒ අය වැදගෙන ඉන්න ඕනේ තමයි. දැන් ජනතා විමුක්ති පෙරමුණත් මේ ආණ්ඩුවට බැන ගෙන යනවා. ඒ අය තමයි  මේ ආණ්ඩුව ගෙනාවේ.

SHARE