අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත, තාරානාත් බස්නායක යන මැති ඇමතිවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර ඔහු අද (04) උදෑසන දක්වාම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොවිණි.
එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන සෙසු මැති ඇමැතිවරුද ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර ඔවුන් සියලු දෙනා නොපැමිණි මන්ත්‍රීවරු ලෙස සටහන් විය.
තවත් විශේෂත්වයක් වූයේ මේ වන විට විපක්ෂයේ රැඳී සිටින විජේදාස රාජපක්ෂ මහතා අගමැතිවරයාට සහය දක්වමින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමයි.

SHARE