ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ නිල නිවසේදී. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙන්. එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන්. එහිදී මන්ත්‍රීවරුන් කීවේ බැඳුම්කර වාර්තාව යටගැසීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව.

මහින්දානන්ද – “ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් එන චෝදනා ටික යට ගහන්නයි. වාර්තාවේ තියෙන කරුණු ගැන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව දැන් එනවා 2015ට ‍ඉස්සර වෙච්ච ඒවා ගැන කියන්න”

මහින්ද – “මම වගකීමෙන් කියනවා 2008- 2015 කාලයේ ඔය කියන විදියේ කිසිම බැඳුම්කර වංචාවක් සිද්ධ වෙලා නැති බව. පුළුවන් නම් කොමිසම් එකක් නෙමේ හතක් දාන්න කියන්න. එතකොට අපිටත් පුළුවන් නේ ගිහින් සාක්කි දෙන්න. ඔය හදන්නේ තමන්ට එල්ල වෙලා තියෙන චෝදනා අපේ පැත්තට දාලා ඇඟ බේරගන්නයි”

ප්‍රසන්න උගුරේ අමරුවත් තියාගෙන කට පියාගෙන නම් ඉදලා නැහැ . “ජනාධිපතිවරයාට තියෙන්නේ තැන් තැන්වල රැස්වීම් තියලා යටිගිරියෙන් කෑගහන්නේ නැතුව නීතිය ක්‍රියාම්තක කරලා පෙන්නන එකයි

බන්දුල – “බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළට වෙන වෙන අයගේ අත්වලට නම් ලැබිලා තියෙනවා කියලයි ආරංචිය. රවී කරුණානායක හැම තැනම කිය කියා යනවා එයාට වාර්තාව ලැබුණා කියලා. එහෙම ලැබෙන්නේ කොහොමද?

රෝහිත – “මෙයාලා දැනගෙන හිටියා වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මොත් වැඩේ වරදිනවා කියලා. ඒක තමයි අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් දාලා හෙමිහිට ලෙස්සලා ගියේ”

නාමල් – “මේ ආණ්ඩුවේ විශේෂ ප්‍රකාශ දැන් විහිලුවක් වෙලා. එක පැත්තකින් ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරනකොට අනෙක් පැත්තෙන් අගමැති විශේෂ ප්‍රකාශ තුනක් කරනවා”

මහින්දානන්ද – “එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තැන තැන බොරුවට බැන බැන යනවා. මේකත් මේ දෙගොල්ලෝ කතා වෙලා කරන දෙයක්. නිදහස් පක්ෂයේ අය බොරුවට අගමැතිව විවේචනය කරනවා වගේ යූ. ඇන්. පිය ජනාධිපතිව විවේචනය කරනවා”

ප්‍රසන්න – “මේ ගොල්ලෝ හිතන් ඉන්නේ මේ වගේ බොරුවලට ජනතාව රැවටෙයි කියලා. මිනිස්සු දැන් ජනාධිපතිව වගේම අගමැතිවත් හොඳට අඳුනනවා. ජනාධිපතිවරයා පසුගිය මහ මැතිවරණයේදිත් අපේ ජයග්‍රහණය වළක්වන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කළා. මේ පාර ආණ්ඩුවට ඡන්දෙ ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තම දෙගොලෝලෝ බොරු විරසකයක් පෙන්නලා ඡන්ද ටික කඩා ගන්න හදනවා”

නාමල් නැවත – “බොරුකාරයන්ට මේ පාර ඡන්දෙන් හොඳ උත්තරයක් හම්බ වෙයි.

 

SHARE