ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මෙන්ම එහි කැපී පෙනෙන කතිකයකු ද වන ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ අකර තැබ්බයකට මුහුණ දීලා. අකරතැබ්බයට මුල් වෙලා තියෙන්නේ ප්‍රසන්නගේ හඬ එකවරම නැතිව යාම. කතා කරගන්නට නොහැකි වූ ප්‍රසන්න හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය ඉරිදා.

ප්‍රතිකාර ලබන්නට ආ ප්‍රසන්න පරීක්ෂා කරන්නට පැමිණි වෛද්‍යවරුන් කීවේ ප්‍රසන්නට හඬ නැතිව ගියේ අත්‍යවශ්‍යම වේලාවක බව. “මන්ත්‍රීතුමාට කතා කරන්න බැරිව ගියේ කථා  කරන්න ඕනේම වෙලාවෙනෙ” කී වෛද්‍යවරු නියමිත ප්‍රතිකාර ලබා දී වැඩිදුරටත් උපදෙස් දුන්නේ දින කිහිපයක් විවේකීව සිටින ලෙසට.

ප්‍රසන්න රෝගී වී ඇති බව දැනගන්නට ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වැල නොකැඩී රෝහලට එන්න පටන් අරං. එහෙත් එසේ ආ බොහෝ මන්ත්‍රීවරුන්ට ප්‍රසන්න මුණගැසෙන්නට ඉඩක් නම් ලැබිලා නැහැ ඒ ඔහුට කථා කරන්න හොද නැති නිසා.

මේ අතර ප්‍රසන්නගේ රෝගය ගැන දැනගන්නට ලැබුණු වහාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ටත් තරු විසික් වෙලා. ඒ වෙලේම දුරකථන ඇමතුමක් අරං කොහෙද ඉතිං කථා කරන්න බැහැනේ..  අන්තිමට ප්‍රසන්න සහ මහින්ද ප්‍රසන්න අතර කතා බහට අතරමැදියකු ලෙස සහභාගී වන්නට සිදු වුණේ  ප්‍රසන්නගේ දියණියට.

“සර් මට මෙහෙම ඉන්න බැහැ. මම මිනුවන්ගොඩ ආසනයේ භාර ගත්ත රැස්වීම් තියෙනවා. ඒවට කොහොම හරි සහභාගී වෙන්න ඕනේ” අමාරුවෙන් කියලා.

මහින්ද – “පිස්සුද ප්‍රසන්න, කොහොම හරි ඔය ලෙඩේ හොඳ කරගන්න. ඒක තමයි වැදගත්ම දේ”

ප්‍රසන්න – “මේ වෙලාවෙම මට මේ ලෙඩේ හැදිච්ච එකනේ වැඩේ. මට දුක රැස්වීම්වලට යන්න බැරිවෙන එක තමයි”

මහින්ද – “ඕවා ‍ඔහොම තමයි. අපි කොහොම හරි වැඩටික කරමු. ඉස්සෙල්ලා ඔයා සනීප වෙන්නකෝ”

අවසානයේ දී ප්‍රසන්න රෝගය සුවපත් කරගන්නා විට දින ගණනාවක් ගත වෙලා. රෝගය සුව වු වහාම ප්‍රසන්න යළිත් මිනුවන්ගොඩ ගියේ භාරගත් රැස්වීම්වලට සහභාගී වෙන්න ගිහිල්ලා.

 

 

SHARE