මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල්, එස්.බී, ජෝන් සෙනෙවිරත්න සහ ඒකාබද්ධයේ බැසිල්ල බන්දුල හමු වී සාකච්ඡා කළහ. එහිදී ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට දැනුම් දුන්නේ රනිල් අගමැති ධූරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නට සූදානම් බව. 

මේ ගැන කතාකරන්නට මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී  කණ්ඩායම යළි රැස්වෙලා.

මහින්ද “අපිට ‍යෝජනාවක් ඇවිත් තියෙනවා. රනිල් ඉවත් කරලා නිදහස් පක්ෂයෙන් කෙනෙක් අගමැතිධූරයට පත් කරලා ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා. අපි මොකද ඒ ගැන කියන්නේ…

ඕකට උත්තර දෙන්නේ සනත් නිශාන්ත “අපි ආයෙමත් නිදහස් පක්ෂය සමඟ එකතු වුණොත් අපිටත් එන ඡන්දෙදි ඇපත් නැති වෙයිද දන්නේ නැහැ”.

“ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා ඒ අයට කොන්දේසි දැම්මේ අපිම තමයි. දැන් එයාලා අයින් වෙන්න හදන නිසා අපි මොනවා හරි කරන්න ඕනේ. ඒ අය කියන්නේ නිමල් සිරිපාල අගමැති කරමු කියලයි. සාකච්ඡාවලට සහභාගී වූ බන්දුල පිරිසට පැහැදිලි කරලා.

මහින්ද “ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. රනිල් අයින් කරගන්න තමයි අපට අවශ්‍ය වුණේ. අපි රනිල් අයින් කරන්න උදව් කරමු. හැබැයි ඒකාබද්ධ විපක්ෂය විදියට අපි කිසිම තනතුරක් ‍භාර නොගෙන ආණ්ඩුවේ හොඳ වැඩවලට විතරක් සහයෝගය දෙමු”.

පිරිස ඊට එකඟතාව පළ කළ කරද්දී මහින්ද නැවත

“හැබැයි නිමල් එනවා නම් එක කොන්දේසියක් තියෙනවා. පහුගිය අවුරුදු තුනේම එයා මගේ ෆෝන් එකටවත් ආවේ නැහැ. දැන්වත් එයාට කියන්න අපි කතා කර‍නකොට උත්තර දෙන්න කියලා.

සනත් නිශාන්ත ““එතුමා යන යන තැන නිදාගන්නවා. දැන්වත් එතුමට නිදාගන්න එක නතර කරන්න කියලා කියන්න සර්. අඩුගාණේ පාර්ලිමේන්තුවේදිවත් නැගිටලා ඉන්න කියන්න” .

ඒ අනුව නිදහස් පක්ෂයේ අගමැතිවරයකු සහ ආණ්ඩුවක් පිහිටුවීමේ ක්රිනයාවලියට ඒකාබද්ධ විපක්ෂයේ ස‍හයෝගය ලබා දීමට තීන්දු කරලා තියෙන්නේ එහෙම.

SHARE