පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන විශ්වාස භංග යෝජනාවෙන් පසු පිහිටවනු ලබන නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කරූ ජයසූරිය මහතා පත් කිරීමට වැඩිම ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් කරු ජයසුරිය මහතාගේද එකගත්වය පලව ඇති බවටද තොරතුරු හුවමාරු වෙයි.

ආසන්න දිනවලදී ශ‍්‍රීලනිප හා එජාප නියෝජිතයන් විසින් කරු ජයසුරිය මහතා කිහිප විටක්ම මුණ ගැසී ඇති බවත් එම සාකච්චාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස වත්මන් කතානායකවරයා අගමැති ධුරය බාර ගැනීමට එකගතාවය පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

මේ අතර තවත් ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වුවහොත් නව අගමැති ධුරය සදහා කරු ජයසූරිය මහතා පත් කර ජාතික ආන්ඩුව ඉදිරියට ගෙන යනු ඇති බවත් විශ්වාස භංගයෙන් වික‍්‍රමසිංහ මහතා පරාජය වුවහොත් නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කර නව ආණ්ඩුවක් පිහිටවනු ඇති බවත්ය.

SHARE