සුදු රෙද්දයි දෙපත් නයයි , මේක මෙහෙම නම් ඒක මොකද බොලං …

රනිල් මහින්දගේ තොවිලය සහ ගෝටා .. හරි කෙනා තෝරමු .. ආකල්ප සංවර්ධනය කරමු ..

මෙහෙමත් කාලයක් කියලා කිව්වලු ? අශ් ගේ දේශපාලන කෝළම මල කෝළමක් වෙනවා.. එත් ඉතිං මක් කරන්නද මේ රෙද්ද නම් හෝදන්නම වෙනවා … සුදු රෙද්ද යටින් තියෙන්නේ නයි විස කියලා අශ් කලිනුත් කිවුවා .. අපිට පාට පැති නැහැ. එත් දියවන්නාවේ කෝලම් ගැන අපි කිව්ව දේවල් බොරු වෙලා නැහැනේ ?

පහුගිය කාලෙම මහින්ද මහත්තයට කොච්චර ආඩිපාලි කිවුවද කේන්දර, පුජාවල්, සෙත් ශාන්ති, මැණික් පස්සේ යනවා කියලා .. ඇයි යකො මේක තමන් කරන්න කැමති දෙයක් කරන්න පුළුවන් කමක් තියෙන රටක් නෙමෙයිනේ .. අනුන් කරන සේරම තමන්ගේ වගේ කරගෙන එකේ ඇද පළුදු විතරක් රහින්න දන්නා ප්‍රභල ජාතිකත්වයක් තියෙන මෙහෙව් රටක අපි ඉන්නේ .. ඔන්න ඕක නිසා ඉතිං පට්ට පැදුරු යන්න ජන්දේ ඉවර වුණු තැන ඉදලම ගැහුව ගැහිල්ල මතකයිනේ ….
අනේ කාලේ වනේ වාසේ කිව්වලු .. දන්නවද ? .. ගිය සදුදා ඉන්දියාවෙන් සාමි කෙනෙක් ආවා.. ශ්‍රී  සත්‍ය සායි ආශ්‍රමයේ ඉදලා තමයි ආවේ .. ඒ රටේ ප්‍රබල දේශපාලන නායකයකුගේ නිවසේදී ඔහු වෙනුවෙන් විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් ඇතුළු වත් පිළිවෙත් විශේෂ පුජා රැසක් සිදු කරන්න .. මේක වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයට.. ඔන්න බලන්නකෝ එකෙත් රගේ … හොරෙන් කරන වැඩ හැරීම කැතයි වගේ නේද ?
ඒ විතරක් නෙමෙයි මැණික් එහෙමත් ජප කරපු මුදුත් දීලා .. දැන් මේක ලික් වෙලා ඔය මුද්ද නොදා ඉදියි ෂුවර් එකට .. පංසලකට ගියාම වදින්නේ නැති රනිල් සායි අනුගාමිකයට වැදලා .. මට හිතෙන්නේ වැන්දෙන්න ඇති. මොකද .. ඉංදියාවේ ගිය වෙලේ මේ අයම කියලා තියෙනවා ” මේ පුතේ මෙහෙම යන පොට නම් හරි යන්නේ නැහැ. නුබේ පොට යවා ගන්න කලින් පේ වෙන්න .. අපි එන්නම් බලය දෙන්න ” කියලා.. ඕක නිසානේ දැන් මාස තුනක් මස් මාළු එහෙම නොකා පේ වෙලා මේක කොරගත්තේ.. තිබ්බ බලෙත් නැති වෙලා වගේ අපිට නම් පේන්නේ… කොහොම වුණත් සමහරු කියනවා මේ සාමිලාට ලිංග භේදයත් වෙනස් කරන්න පුළුවන්ලු.. අනේ මන්දා …
මේ දවස් වල ජනාධිපතිවරයා එක එක අයගේ ලණු කාලා ගත්ත ජනමනාපෙත් නැති කර ගන්න කහින කාලයක ඉන්නේ. ඒ නිසානේ තම ධූර කාලය අල්ලාගෙන නටන්නේ.. ඒ වගේ මේකත් බස්නාහිර පළාතේ ප්‍රභල එජාපයේ ඇමති කෙනෙක්ගේ ලණුවක් ලු . කොහොම හරි  වැඩේ කරලා එදාම පුජකවරයා නැවත ඉංදියාවට ගිහිං.
 අනේ ඉතිං මේ නටන සේරම නාඩගම් අපිටනම් ඉතිං බලි තොවිල් වගේ තමයි නේද ? අශ් ට නම් වැඩක් නැහැ අනුන්ගේ බලි.. ඒ වුණාට අශ් ට මේක මෙහෙම ලියන්න හිතුණේ මේක මෙහම නම් ඒක මොකද කියලා අහන්න ඕන වුණ නිසා ..

රටේ ඉදිරියක් ගැන හිතනකොට පේන එකම ලකුණක් තිබ්බේ ගෝටභය රාජපක්ෂ මහතාට විතරයි. වෙන දෙයක් ඕන නැහැ .. අදටත්  බෝක්කුවක් වත් හරියට හදා ගන්න පුළුවන් ඉදිරි දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවද ? අපෙන්ම ජන්දේ ඉල්ලනවා අපෙන්ම කනවා කාලා බඩ ලොකු කර ගන්නවා ඔන්න ඕකයි අපි නැහිලා මහන්සි වෙලා අපේ රටේ හෙට දවස හදන්න කියලා දියවන්නාවට යවන අය කරන්න දන්නා එකම දේ. මොකක් හරි කළොත් ඕක කඩකඩා කී පාරක් හදනවද කියන්නකෝ ?  රටේ යම්කිසි ඉදිරියක් එක්ක දැක්මකින් හිතලා වැඩක් කලේ ගොටභය රාජපක්ෂ එක එක පැති වල පක්ෂ දේශපාලනය කොටු වෙලා ඉන්න අපිට මේවට විවධ විවේචන තියෙන්න පුළුවන්. මන් කියන්නේ බං පක්ෂෙකට ගැති වෙලා නෙමෙයි. මම කියන්නේ පසුගිය කාලෙම සමබරව බලලා.. වත්මන් දේශපාලන  තත්වේ එක්ක ඔහුගේ නාමය දේශපාලන ආගමනක් ලෙසින් සටහන් වුණාට ඔහුට ඒ වගේ හැගීමක් කිසිදාක තිබ්බේ නැහැ .. එත් ඔහුට දුර දැක්මක් තිබ්බා ඒකට ඔහු එදා වැඩක් කළා .. ඒ වගේ හිතන්න පුළුවන් කෙනෙක් රාජපක්ෂ පවුලේ තියා වෙන තැනකවත් අශ් ට පේන්නේ නැහැ..

ඒ නිසා දේශපාලනේ හෙටත් කථා කරන්න වෙන්න නැහැ . ආකල්ප සංවර්ධනය නොවූ සංගීත පුටු තරගයක් වගේ මාරු වෙන වදුරු දේශපාලනයක් අපිට උරුම වෙලා තියෙන්නේ . එක තැනක පල් වන ගොම තලියක් විනා එය රන් තියා ලාකඩ තැලියක් වන බවක් නම් පෙනෙන තෙක් මානයේ වත් නැහැ … ඒ නිසා මෙවර හොදින් සිතා අපේ ජන්දය භාවිතා කරමුද ? මම දන්නවා ඔබ ජන්දය භාවිතා කරන එකත් නතර කරලා කියලා එත් එහෙම වෙලා මේක අපි ඇත ඇරියොත් හෙටක් නැහැ .. ඒ නිසා වෙනසකට පාට පක්ෂ වලට ගැති නොවී නිවැරදි පුද්ගලයා තෝරමු …

ඔබට තුති අප එක්ක ඉන්නවට …

වෙනදා වගේ ඔන්න මේකටත් බැණලා, ගහලා, තුච්ච පදිරි කරලා එවන්නකො බලන්නකෝ ඔය ටිකිරි මොලේට දැනෙන දේ .. අශ් බලන් ඉන්නවා..

මේ “අශ්ගේ දේශපාලන කෝළම” … ( Political Gossip ).. www.chatwithash.com උපුටා ගැනීමක් ..

SHARE